2011 වසර තුළ සබරගමුවේ ප්‍රගති සමාලෝචනය

2011 වර්ෂයට අදාල සබරගමුව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගිය නොවැම්බර් මස සබරගමු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි. මුදල් කොමිෂන් සභාවේ ලේකම්තුමාගේ හා සෙසු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමට සබරගමුව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්), පළාත් අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු තවත් නිලධාරීන් සහභාගී වූහ. අමාත්‍යාංශ මට්ටමින් එක් එක් අංශවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය, පළාත් මට්ටමින් ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටළු හා ඒවා විසඳීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. තවද, කාර්ය මණ්ඩල බඳවා ගැනීම් හා සම්බන්ධ ගැටළු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන ලදී. මෙම ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ව්‍යාපෘති ඇරඹීමේදී පළාත් විසින් පූර්ව සූදානමක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය හා ව්‍යාපෘති හඳුනාගැනීමේ අදි‍යරේ සිටම ඇති විය හැකි ගැටළු සම්බන්ධයෙන් පූර්ව විසඳුම් සෙවීමේ අවශ්‍යතාව පිළිබඳව පෙන්වා දෙන ලදී. පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන අරමුදල් ඌන උපයෝජනය වැළැක්වීමට කටයුතු කළ යුතු බවටද, අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩල ඉල්ලීම් සඳහා පමණක් අනුමැතිය ලබාදිය යුතු බවට ද සියළුම නිලධාරීන් එකඟ වූහ. සංඛ්‍යාත්මකව භෞතික ප්‍රගතිය ඉහළ මට්ටමක් ලෙස පෙන්නුම් කළ ද සැබෑ ලෙසම නිරීක්ෂණය කිරීමෙන් එය තහවුරු කර ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කරන ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. අතයවශ්‍ය ප්‍රෙද්ශ * ෙලස සටහන් කරන ලදී

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>